ආසියානු – පැසිපික් කලාපයට ම සම්මානයක් දිනාගත් ලාංකික කත දිවයිනට (ඡායාරූප)

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබූ “ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු – 2024” සම්මානය දිනාගත් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය දිවයිනට පැමිණියා.

ඇය මෙම සම්මානය රැගෙන අද (01) උදෑසන 10.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙම සම්මානය ශ්‍රී ලංකාවට මෙන් ම සමස්ත ආසියානු – පැසිපික් කලාපයට ම දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් මාස 08 ක කාලයක් තුළ සිදු කළ ඇගැයීම්වලින් අනතුරුව ලෝකයේ විවිධ රටවල තරගකාරි අයදුම්කරුවන් 750 දෙනෙකු අතරින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය ප්‍රථම ස්ථානයට තෝරා ගැනුණා.

මෙම සම්මානය එංගලන්තයේ ලන්ඩන් නුවර “ග්‍රෑන්ඩ් කෙනාඩ්” හෝටලයේ දී ඉකුත් 20 වැනිදා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා මෙන් ම ස.ණ.ස.සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරයා ලෙස ද සේවය කරමින් සිටිනවා.

WhatsApp Image 2024 07 01 at 16.07.20
IMG 20240701 WA0064


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05