logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඉහළ දමයි

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කළ බව ඕස්ට්‍රේලියානු රජය සඳුදා නිවේදනය කළා.

රොයිටර් පුවත් සේවයට අනුව, ආණ්ඩුවේ නවතම පියවරේ අරමුණ දැනටමත් නිවාස වෙළඳපොළ මත පීඩනය තීව්‍ර කර ඇති වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමයි.

ජූලි 01 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 ($1,068) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

“අද ක්‍රියාත්මක වන වෙනස්කම් අපගේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමයේ අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කිරීමට සහ ඕස්ට්‍රේලියාවට ලබාදිය හැකි වඩා සාධාරණ, කුඩා සහ වඩා හොඳ සංක්‍රමණ පද්ධතියක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත,” ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මාර්තු මාසයේ දී නිකුත් කරන ලද නිල දත්ත පෙන්නුම් කළේ 2023 සැප්තැම්බර් 30 දක්වා වසර තුළ ශුද්ධ සංක්‍රමණ 60% කින් එනම් වාර්තාගත ලෙස පුද්ගලයින් 548,800 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ගාස්තු වැඩිවීම ඕස්ට්‍රේලියාව සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම එක්සත් ජනපදය සහ කැනඩාව වැනි තරඟකාරී රටවලට වඩා මිල අධික වන අතර, එහි මිල පිළිවෙලින් ඩොලර් 185 සහ ඩොලර් 110ක් පමණ වනවා.

ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ අග සිට ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කරමින් සිටිනවා.

මාර්තු මාසයේ දී ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා දැඩි කරන ලද අතර, ජාත්‍යන්තර සිසුන්ට වීසා බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ඉතුරුම් ප්‍රමාණය මැයි මාසයේ දී ඕස්ට්‍රේලියානු ඩොලර් 24,505 සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($ 19,823) දක්වා ඉහළ නංවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්මන් ආර්ථික ප්‍රවණතාව -මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
01:27:20
Video thumbnail
මාලිමාවේ අනාගත අරමුණ මුල්වරට මාධ්‍යට කියයි...#npp #akd #nalindajayatissa
02:49
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-05| Dasatha News
33:30
Video thumbnail
ජ.වි.පෙ ආණ්ඩුවකින් විධායක ජනාධිපති ධූරයට වෙන්න යන දේ #jvp #npp #akd #nalindajayatissa
03:39
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
01:43:45
Video thumbnail
"මේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ" #sjb
08:36
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් ධම්මික පෙරේරාට අභියෝගයක්...#npp #nalindajayatissa #akd
09:40
Video thumbnail
"ලෙනව සහ රංගේ බණ්ඩාරගේ සම්බන්ධයක් තියනවා" #sjb #mujibar
10:12
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31

?