සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු තාප්පයක වැදී හිසට හානි සිදු වීමෙන් මරුමුවට පත් වී ඇත.

මොහු බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබිණි. පෙරේදා (08) වැනිදා පෙරවරුවේ සිදු වූ මේ සිද්ධියෙන් මිය ගියේ මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි බියගම මධ්‍ය මහා විදුහලේ 09 වන වසර පන්තියේ අධ්‍යාපනය ලැබූ එච්. පී. එන්. චින්තක දිසානායක නමැති දාහතර හැවිරිදි පාසල් සිසුවෙකි.

මේ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පවත්වා මළ සිරුර පීසීආර් පරීක්ෂණයට යොමුකොට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කරන ලදී.

මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (09 වැනිදා* රාගම මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් අනුව සැරයන් සමන්ත මහතා (43916) මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?