ඉරණමඩු ජලාශයේ ගිලී දරුවෙක් අතුරුදන් (ඡායාරූප)

කිලිනොච්චිය – ඉරණමඩුව ජලාශයේ ගිලී වයස අවුරුදු 14ක දරුවෙක් ඊයේ (29) පස්වරුවේ අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චිය, මුරුකන්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් රුෂාන්තන් නැමැති දරුවෙක්.

මෙම දරුවා සිය සහෝදරයා ඇතුළු මිතුරන් පිරිසක් සමඟ ඊයේ (29) පස්වරුවේ ඉරණමඩුව ජලාශයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට පුහුන පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ දරුවා සොයා යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් දියත්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Iranamadu 03
Iranamadu 2
Iranamadu 01