ලෝකයේ හොඳම වරායන් 100 අතරට ඉන්දියාවෙන් 09ක් – කොළඹ 40 වැනි තැනට

ලෝක බැංකුව සහ S&P Global Market Intelligence විසින් 2023 බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකය (CPPI) අනුව, ලොව හොඳම බහාලුම් වරායන් 100 ලැයිස්තුවේ (Global Top 100) ස්ථාන 09ක් හිමි කර ගනිමින් ඉන්දියාවේ ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයේ උච්චස්ථානයකට පැමිණ තිබෙනවා.

මෙම සන්ධිස්ථානය එහි වරාය යටිතල පහසුකම් නවීකරණය කිරීමේ දී ඉන්දියාවේ ශක්තිමත් ප්‍රගතිය අවධාරණය කරනවා.

විශාකාපට්නම් වරාය 2022 වසරේදී 115 වන ස්ථානයේ සිට මෙවර 19 වන ස්ථානය දක්වා හොඳම වරායන් 20 අතරට පැමිණ තිබෙනවා.

ඒ, හා සමානව, මුන්ඩ්‍රා වරාය මීට පෙර ඉන්දියාවේ වරායක් සඳහා වාර්තා වූ ඉහළම ශ්‍රේණිගත කිරීම වූ 48 වැනි ස්ථානයේ සිට 27 වැනි ස්ථානය දක්වා ඉහළට නැඟීම විශේෂත්වයක්.

මීට අමතරව පිපවාව් (41), කාමරරාජාර් (47), කොචින් (63), හසිරා (68), ක්‍රිෂ්ණපට්නම් (71), චෙන්නායි (80), සහ ජවහර්ලාල් නේරු (96) ඇතුළු තවත් ඉන්දියානු වරායන් හතක් Global Top 100 ලැයිස්තුවට ඇතුළත්.

ඉන්දියන් සාගරයේ තීරණාත්මක ප්‍රතිනැව්ගත මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාවේ කොළඹ වරාය එහි උපායමාර්ගික වැදගත්කම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉස්මතු කරමින් 40 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

පාකිස්ථානයේ කරච්චි වරාය හොඳම බහාලුම් වරායන් 100 අතර 61 වන ස්ථානයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?