මෙන්න යනවා නම් වෙඩින් – මනාල යුවළගෙන් ඩොලර්වලින් තෑගි

පසුගිය කාලයේ ලෝකයේම කතා බහට ලක් වූ විවාහ ගිවිසගැනීමක් වූයේ ප්‍රකෝටිපතියෙක් වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයාවන අනන්ත් අම්බානිගේ විවාහ ගිවිසගැනීමයි.

ඔහුගේ විවාහ ගිවිසගැනීමේ උත්සවයේ උණුසුම පහව යන්නටත් පෙර තවත් සුඛෝපභෝගී විවාහ මංගල උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මංගල උත්සවය ‘Crazy Rich Asians’ නැමැති චිත්‍රපටය සිහිගන්වන බවයි.

මෙම අති සුඛෝපභෝගී විවාහ මංගල උත්සවයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංචාරක බලපෑම්කරුවෙක් වන Dana Chang විසින් ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

චීනයේ පැවති මෙම විවාහ මංගල උත්සවයට පැමිණෙන අමුත්තන්ගේ සියලු වියදම් මංගල උත්සවයේ යුවළ විසින් දරා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අමුත්තන් වෙනුවෙන් චීනයේ තරු පංතියේ හෝටලයක දින පහකට නවාතැන් පහසුකම් සලසා දෙමින් ඔවුන්ගේ පුද්ගලික ගමන් බිමන් වෙනුවෙන් අති නවීන පන්නයේ රෝල්ස් රොයිස් සහ බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථ ලබා දී ඇති බව සඳහන්.

මේ අතර චීන මංගල උත්සවවල දී, අමුත්තන් නව යුවල සඳහා මුදල් පිරවූ සාම්ප්‍රදායික “රතු කවරයක්” ගෙන එන අතර මෙම විවාහ මංගල උත්සවයේ මංගල යුවල විසින් අමුත්තන්ගෙන් ත්‍යාග මුදල් හෝ තෑගි භෝග ලබාගෙන නොමැති බවයි වාර්තා වුණේ.

ඒ, වෙනුවට මංගල යුවල විසින් උත්සවයට පැමිණි අමුත්තන් වෙනුවෙන් එක් අයෙකුට ඩොලර් 800ක මුදක් ත්‍යාග වශයෙන් පිරිනමා තිබෙනවා.

ඊට අමතරව විවාහ මංගල උත්සවය වෙනුවෙන් පැමිණි අමුත්තන්ට ඒ සඳහා පැමිණීමට සහ ආපසු යෑමට ගුවන් ගමන් පහසුකම් ද සළසා දී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18