බිම්ස්ටෙක් සංවිධානයේ උප සමුහයේ දෙවන සමුළුව රැස්වේ

තැනැත්තන් වෙළෙඳාම මැඩලීම පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ උප සමුහයේ දෙවන සමුළුව රැස්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවිධායකත්වයෙන් ජුනි මස 26 -27 දෙදින තුළ කොළඹ දී මෙය පැවැත්වූ බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

ජාතික බුද්ධි ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ව ජාතික කාර්ය සාධක බලකායේ නිල කමිටුවේ ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, ඉන් අනතුරුව බිම්ස්ටෙක් සංවිධානයේ ආරක්‍ෂක අංශ ප්‍රධානී MD Mosharaf Hossain විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂවරිය වන Sarah Lou Arriola මෙනෙවිය ද මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළා.

මෙහිදී බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජික රටවල් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිත නිලධාරීන් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ තැනැත්තන් වෙළෙඳාම හා අනෙකුත් මිනිස් ජාවාරම් සම්බන්ධ අපරාධ වැළැක්වීම සඳහා ඔවුන්ගේ රටවල් මගින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ග හා නීති පද්ධතිය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

සමුළුව අතරතුර දී බිම්ස්ටෙක්හි සාමාජික රටවල නියෝජිතයන් විසින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ තැනැත්තන් වෙළඳාම මැඩලීම වෙනුවෙන් පොදු සැලැස්මක් ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව ද සාකච්ජා කළ අතර, එමගින් බිම්ස්ටෙක්හි පාර්ශ්වකරුවන් අතර ඇති වන ඵලදායිතාව හා අන්‍යෝන්‍ය සහයෝගීතාව ද අවධාරණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08