හොරට සල්ලි අච්චු ගැසූ තිදෙනෙකු කොටුවෙයි – ඒ අතර පාසල් ශිෂ්‍යයෙකුත්

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පාසල් ශිෂ්‍යයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම අද (26) දිනයේ දී තඹුත්තේගම නගරයේ දී සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (25) දිනයේ දී තඹුත්තේගම දී ව්‍යාජ රුපියල් 500 නෝට්ටු කොළ 06ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි මෙම මෙහෙයුම සිදු කර අද දිනයේ දී සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී මුද්‍රණය කළ ව්‍යාජ මුදල් නෝට්ටු රුපියල් 5000න් නෝට්ටු 8 ක්, 500 නෝට්ටු 149ක් සමග
ලැප්ටොප් පරිගණකයක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, මෙමෙරි චිප් ආදිය පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් හෙට්ටිපොළ පොලිස් වසමේ පඬුවස්නුවර හා හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පාසල් සිසුවා ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයය ධාරාවෙන් ඉගෙනුම ලබන්නෙකු බවත් හෙළි ව තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකෞ පඬුවස්නුවර ප්‍රදේශයේ ම පදිංචි මුස්ලිම් ජාතිකයෙක් බවත්; ඔහු පාසල් සිසුවාගෙන් තාක්ෂණික සහාය ගනිමින් මෙම කටයුතු සිදු කරගෙන ගොස් ඇති බවත් හෙළි ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම තවත් මුස්ලිම් ජාතික පුද්ගලයෙකු ලවා ව්‍යාජ මුද්‍රණ නෝට්ටු බෙදා හැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51