AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් ,මායාදුන්නේ කොරයා සහ චමත් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.

මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ නඩුව සැප්තැම්බර් මස 25 වනදා විභාගයට ගැනීමට විනිසුරුවරයා විසින් දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?