බංග්ලාදේශයේ දරුණුතම අලුගෝසුවා මිය යයි

බංග්ලාදේශයේ දරුණුතම අලුගෝසුවා හිරෙන් නිදහස් වී වසරකට පසු ඊයේ (24) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

74 හැවිරිදි වියේ පසු වූ ෂාජහාන් භූයියාන් නැමැති මෙම පුද්ගලයා පපුවේ වේදනාවක් හේතුවෙන් ඩකා අගනුවර රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු බංග්ලාදේශයේ කුප්‍රකට අනුක්‍රමික ඝාතකයින්, යුද අපරාධ සහ කුමන්ත්‍රණකරුවන්, වැරදිකරුවන් වූ විපක්ෂ දේශපාලනඥයන් එල්ලා මරා දමා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය වසරේ ජුනි මාසයේ දී සිරෙන් නිදහස් වී පැමිණි ෂාජහාන් භූයියාන්, එල්ලා මරන්නෙකු ලෙස ඔහුගේ අත්දැකීම් විස්තර කරමින් කෘතියක් ද මෙම වසර මුල දී ලියා පළකර තිබෙනවා.

භූයියාන් අවම වශයෙන් මරණ දණ්ඩනය 26ක් සිදුකර ඇති බව සැලකෙනා අතර, ඇතැම් වාර්තාවල එම සංඛ්‍යාව 60ක් බවයි දැක්වෙන්නේ.

මංකොල්ලකෑම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් වසර 42ක සිර දඬුවමක් විඳිමින් සිටිය දී ඔහු මෙලෙස අලුගෝසුවෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කිරීමට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අලුගෝසුවෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කිරීමෙන් ඔහුගේ සිරගතව සිටින කාලය අඩුකර ගැනීමට භූයියාන්ට හැකිව තිබෙනවා.

ඔහු විසින් එල්ලා මරණු ලැබූ අය අතර බංග්ලාදේශ ආරම්භක නායකයා වූ, බංග්ලාදේශයේ වත්මන් අගමැතිනියගේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හමුදා නිලධාරීන් ද වනවා.

ඊට අමතරව යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේශපාලනඥයන් වන අලි අහ්සන් මුජාහිඩ් සහ සලාහුදීන් ක්වාඩර් චෞද්රි මෙන්ම අනුක්‍රමික ඝාතකයෙක් වන එර්ෂාඩ් ෂික්දර් ද, භූයියාන් විසින් එල්ලා මරා ඇති බවයි වාර්තා වන්නේ.

සිරෙන් නිදහස් වී පැමිණි භූයියාන් ඔහුට වඩා අවුරුදු 50ක් බාල ගැහැණු ළමයෙකු සමඟ විවාහ වූ අතර එම විවාහයට නීතිමය බාධා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
21
+1
5
+1
2
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58
Video thumbnail
මහ වැස්සෙන් පන්නල නගරයට වෙලා තියෙන දෙයක්..ප්‍රදේශයම ජලයෙන් යටවෙලා ගිහින්
01:45
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49