AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන අනධ්‍යයන සේවකයෝ අද සහ හෙට ලෙඩවෙති (වීඩියෝ)

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා.

මේ වන විට අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වෙනුවෙන් පළාත් නවයේ සේවා ව්‍යවස්ථා 09ක් ද, මධ්‍යම රජයේ එක් ව්‍යවස්ථාවක් ද වශයෙන් ව්‍යවස්ථා 10ක් ක්‍රියාත්මකවීම මත අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැඩි ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?