ඉන්දියාව ශ්‍රී ලංකාවට දෙන තැන ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්ගේ කොළඹ සංචාරය, ඉන්දියාව සිය ‘අසල්වැසියා ප්‍රථම’ සහ සාගර් (කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය) දැක්ම ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රමුඛතාවය අවධාරණය කරන බව අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පවසනවා.

“මෙය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඕනෑම රටකට ඔහුගේ ප්‍රථම ද්විපාර්ශ්වික සංචාරයයි. ඔහුගේ සංචාරය සාගර් දැක්ම ප්‍රතිපත්තිය සහ අසල්වැසි-පළමු ප්‍රතිපත්තියක් තුළ අප ශ්‍රී ලංකාවට ලබා දෙන ඉන්දියාවේ ප්‍රමුඛත්වය අවධාරණය කරනවා,” දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක පැවසුවා

ජයිශංකර්, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවූ බවත් ශ්‍රී ලංකා ඇමතිවරුන් කිහිප දෙනෙකු සමඟ නියෝජිත මට්ටමේ සාකච්ඡා පැවැත්වූ බවත් ජයිශ්වාල් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවා.

ජයිශංකර් මෑතක දී පස් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මෙම සංචාරයන් ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවට ඉන්දියාව දක්වන වැදගත්කම අවධාරණය කරන බව ප්‍රකාශකයා පෙන්වා දුන්නා.

“මෙය මෑත අතීතයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පස්වන සංචාරයයි, මට මතකයි. ඔහු සංචාරය කළ අවස්ථා හතරක් 2021 ජනවාරි, 2022 මාර්තු, 2023 ජනවාරි සහ 2023 ඔක්තෝබර්. ශ්‍රී ලංකාව සමඟ අපගේ අසල්වැසි සබඳතාවලට අප ලබා දෙන වැදගත්කම මෙම සංචාර මාලාවෙන් අවධාරණය කරයි., ” ජයිස්වාල් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42