දිවි පරදුවට තබා දිවි බේරූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ (ඡායාරූප)

පොසොන් පොහොයට සමගාමී ව අනුරාධපුර – පොළොන්නරුව – දඹුල්ල ආදී වැඩි වශයෙන් බැතිමතුන් මේ දිනවල පැමිණෙන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්; ඒවා ආශ්‍රිත ව පිහිටා ඇති වැව්, ගංගා වැනි ස්ථානවල විශේෂිත පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත යි.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල හා තංගල්ල වශයෙන් කලාප 04ක ජීවිතාරක්ෂක පොලිස් නිලධාරින් යෙදවීමටයි පියවර ගැනුණේ.

එම මෙහෙයුම පැය 24ක් පුරා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම මෙහෙයුමෙන් පසුගිය දින කිහිපය තුළ දී අනුරාධපුරය බසවක්කුලම වැව ආශ්‍රිත ව හා දඹුල්ල කණ්ඩලම වැවෙහි දියේ ගිලී අනතුරට පත් පුද්ගලයින් 05 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත් වුණා.

එලෙස මිනිස් ජීවිත බේරාගත් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බසවක්කුලම ජීවිත ආරක්ෂක ඒකකය වෙත ගොස් සිය ප්‍රශංසාව පිරිනැමූ බවයි වාර්තා වන්නේ.

ජුනි මස 20 වැනි දින හා 21 වැනි දින බසවක්කුලම දිය නාමින් සිටියදී වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක් සහ 19 හැවිරිදි තරුණයෙකුගේ මෙලෙස ජීවිත බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ට හැකි වුණා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් එලෙස දිවි පරදුවට තබා ජීවිත බේරා දුන් පොලිස් නිලධාරීන් හට පොලිස් අරමුදලින් මූල්‍යමය ත්‍යාගයන් සහ ප්‍රශංසා පිරිනැමීමට ද කටයුතු කළා.

WhatsApp Image 2024 06 22 at 14.01.36 1
WhatsApp Image 2024 06 22 at 14.01.35 1
WhatsApp Image 2024 06 22 at 14.01.35


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16