හජ් වන්දනාවේ ගිය මවුලවිවරයෙක් සහ කාන්තාවක් මෙරට දී අත්අඩංගුවට

මක්කම වන්දනාවේ ගොස් මෙරටට යළි පැමිණෙමින් සිටි මවුලවිවරයෙකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ තවත් කාන්තාවක් හොර රහසේ ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ස්වර්ණාභරණ තොගය සෞදි අරාබියේ සිට නීතිවිරෝධී ව මෙරටට ගෙනැවිත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් කර හැරීමටයි මෙම සැකකරුවන් උත්සාහ දරා ඇත්තේ.

මෙලෙස ගෙන ආ ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් බවත් වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපොළ සේවා පරිශ්‍රයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් මඩකලපුව – කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අත් අඩංගුවට ගත් සැකකාර මවුලවිවරයා 44 හැවිරිදි අයෙක්.

අනෙක් කාන්තාව 49 හැවිරිදි බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 02.56 ට ඉටිහාඩ් ගුවන් සේවයේ EY- 390 දරන ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට මොවුන් මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සඳහා පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

ඔවුන් සිය ගමන් මළු තුළ සඟවා ගෙන තිබූ ග්‍රෑම් 859ක් බරැති කැරට් 24ක් සහ කැරට් 22 ක් බර මාල, වළලු, මුදු, කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් ස්ථානය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
7
+1
54
+1
9
+1
4
+1
6
+1
7
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12