ලොව පළමු AI මැතිවරණ අපේක්ෂකයා මහා බ්‍රිතාන්‍යයෙන්

ලෝකයේ පළමු වරට මැතිවරණයක් සඳහා තරග කරන අපේක්ෂකයා කෘත්‍රීම බුද්ධියෙන් (AI) තාක්ෂණයෙන් නිර්මාණය කළ පුද්ගලයෙක් ව තෝරා ගන්නට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයා ව නම් කර ඇත්තේ ‘AI ස්ටීව්’ නමින්.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ඉදිරි මහ මැතිවරණයේ දී ලොව පළමු වරට නීති සම්පාදනය කරන්නෙකු බවට AI තාක්ෂණයෙන් යුත් පුද්ගලයෙක් තෝරා පත් කරගැනීමට අවස්ථාව හිමිවනවා.

මොහුව නිර්මාණය කර ඇත්තේ එරට ව්‍යාපාරිකයෙකු ලෙසටයි.

ස්ටීව් එන්ඩකොට් නමැති මෙම තැනැත්තා ජූලි 04 බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇති.

ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ “AI ස්ටීව්” නම් AI මගින් ජනනය කරන ලද avatar එකක් දක්වනවා.

Neural Voice යන නමන් මේ 59 හැවිරිදි Steve Endacott නව දේශපාලන පක්ෂයක් සක්‍රීය කර ඇති අතර; ඉදිරියේ දී ලෝකය පුරා ඊට තවත් AI අපේක්ෂකයින් බඳවා ගැනීමට සැලසුම් කරනවා.

AI ස්ටීව් ජයග්‍රහණය කළහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාර්ලිමේන්තු මන්ත්‍රී) ලෙස කටයුතු කරනු ඇත්තේ AI නොව Endacott බව මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

සමලිංගික හා සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, සංක්‍රමණිකයන් වෙනුවෙන් ද ඔහු ඡන්ද ව්‍යාපාරයේ නිරත වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18