ඊයේ දකුණු අප්‍රිකාව ජය ගනිද්දී අද තරගය කොදෙව්වෝ ජය ගනිති

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අද (22) පැවති තරගයෙන් කඩුලු 09කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයා පළමු ව ලකුණු රැස් කිරීමට අමෙරිකාවට ආරාධනා කළා.

ඒ අනුව ඇරයුම පිළිගනිමින් පිටියට පිවිසි අමෙරිකාවට පන්දු වාර 19කුත් පන්දු 05ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

රොස්ටන් චේස් ලකුණු 19කට කඩුලු 03ක් , ඇන්ඩෘ රසල් කඩුලු 03ක් ද බිඳ දැමුවා.

අල්සරි ජෝෂප් කඩුලු 02ක් සහ ගුඩකෙෂ් මොටි එක් කඩුල්ලකට ද හිමිකම් කිව්වා.

Andries Gous ලකුණු 29ක් ද Nitish Kumar ලකුණු 20 පමණක් ලබාගත් අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වෙන්නට ඉඩකඩ ලැබුණේ නැහැ.

තරගයේ ජයග්‍රහණයට ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රහණය තහවුරු කළා.

Shai Hope නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය රොස්ටර්න් චේස් විසින් දිනා ගනු ලැබුවා.

මේ අතර ඊයේ නිමාවට පත් වූ දකුණු අප්‍රිකා – එංගලන්ත තරගයේ දී තරගය ලකුණු 07කින් ජයගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර; ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ගොඩනැගූ ලකුණු පුවරුව කඩුලු 06ක් දැවී ලකුණු 163ක්.

Quinton de Kock ලකුණු 65ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආර්චර් කඩුලු 03ක් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් මොඑන් අලීට සහ ආදිල් රෂීඩ්ට හිමිවුණා.

පිළිතුරු ඉනිම ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 06ක් දැවී පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි.

ඒ අනුව එංගලන්තය පරදා ලකුණු 07ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය Quinton de Kock දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34