කෙසෙල්වත්තේ දෙනුවන් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍ය තුළ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නමැත්තාගේ ගෝලයා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග යි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඊයේ (21) කෙසෙල් වත්ත පොලිස් වසමේ සුචරිත මහල් නිවාසය අසල දී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී රුපියල් 500,000කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි, මිලි ග්‍රෑම් 900 ක් සමග ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 300,000ක් ද සන්තකයේ තබාගෙන සිටි කොළඹ 12, සෙරැස්තියන් මාවත පදිංචි වයස අවුරුදු 19 පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා කෙසලේවත්ත පොලිස් ස්ථානය වෙත සැකකරුව භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48