රට වටේ ම දන්සැල් – හෑන්ඩ් ෆ්‍රී හා සුවඳ විලවුන් දන්සැලකුත් ඒ අතර (වීඩියෝ)

පොසොන් පොහොය සිහිපත් කරමින්, අද (21) දින දිවයින පුරා ආමිස පූජා පැවැත්වුණා.

එහිදී පෙර වසරවල සේ ම විවිධ ප්‍රදේශවල දන්සැල් සංවිධානය කර ඇති අයුරුයි දක්නට ලැබුණේ.

මෙවර සුවිශේෂී දන්සැලක් ද පැවැත්වුණු ආකාරය වාර්තා වුණා.

ඒ සීදුව – රද්දොලුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දූරකථන අලෙවි සැලක් මගින් සංවිධානය කර තිබූ ‘Handsfree දන්සැලක්.’

සංවිධාකයින් පැවසුවේ පාරිභෝගික ජනතාවට තමන්ගේ අවශ්‍යතාව අනුව ඕනෑම වර්ගයක හෑන්ඩ් ෆ්‍රී මෙම දන්සැලෙන් ලබාගත හැකි බවයි.

මෙය මෙරට පැවැත්වුණු පළවෙනි හෑන්ඩ්‍ ෆ්‍රී දන්සැල ලෙසට ද සංවිධායක මණ්ඩලය පවසනවා.

එමෙන්ම හෝමාගම ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් මගින් සුවඳ විලවුන් දන්සැලක් ලබා දී තිබෙනවා.

අද දවස පුරා ම මෙම දන්සැල ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව මුස්ලිම් – සිංහල ප්‍රජාව එක් ව කිරිබත් වන්ඩු සහ කෙසෙල් දන්සැලක් සංවිධානය කර තිබුණා.

ඒ කටුකුරුන්ද – වෙට්ටුමකඩ ප්‍රදේශයේ දීයි.

දඹුල්ල – පොහොරවැව ප්‍රදේශවාසීන් ඉඳි ආප්ප දන්සැලක් සංවිධානය කර තිබුණු අතර, හැටන් ප්‍රදේශයේ මල්ලියප්පු සහ කුඩාගම යන මංසන්ධිවල දී අයිස් ක්‍රීම් දන්සැල් ද පැවැත්වුණා.

ඓතිහාසික මැද්දේගම රජමහා විහාරය වන්දනා කිරීමට සපැමිණි බැතිමතුන්ට අද උදෑසන 06 සිට ආප්ප දන්සැලක් ද සඳ-තරු යෞවන සමාජය මගින් සංවිධානය කර තිබුණු බවයි එම ප්‍රදේශවල සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
8
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?