විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.

මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය තුළ ඇතිවු රුධිර වහනයෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ටි.එස් බණ්ඩාර මහතා විසින් සනාථ කර ඇත.

එලෙස මරණයට පත්ව තිබුණේ වනාතවිල්ලුව බණඩාරනායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි රවීෂා ධනංජනී නැමති පාසල් සිසුවියකි.

අදාළ සිසුවිය අප්‍රේල් මස 6 වන දින විභාග ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටිය දී හදිසියේ රෝගී වීමෙන් පසු වනාතවිල්ලුව රෝහලට යවා තිබුණි.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට යැවීමෙන් පසු මරණයට පත්ව ඇත.

කෙසේවෙතත් මියගිය දැරියගේ පවුලේ අය පවසා තිබුණේ, දැරිය අසනීප සිටිය දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවය.

දැරිය මරණයට පත්වීමෙන් පසු සිරුර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ජෛව පටල සාම්පලයක් ලබාගැනීම සිදුව තිබු අතර එම වාර්තා අනුව දැරිය කොරෝනා ආසාදිතයෙක් නොවන බවට සනාථ කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?