පැට් කමින්ස් නමින් වාර්තාවක් ලියැවෙයි

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ මේ වනවිට (21) පැවැත්වෙන බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා සුපිරි 08 දෙනාගේ තරග වටයේ දී ඔස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක පැට් කමින්ස් කඩුලු ත්‍රිත්ත්වයක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ පන්දුවාර 04ක් ක්‍රියාත්මක කරමින්.

කමින්ස්ගේ මෙම කඩුලු ත්‍රිත්වයෙහි බිල්ල බවට පිළිවෙළින් 18 වැනි පන්දු වාරයේ දී මුලින් ම ලක් වන්නේ Mahmudullah යි.

ඔහු ලකුණු 02ක් අතැතිව සිටියදියි කමින්ස්ගේ කෙටි පන්දුවකට බිලි වූයේ.

දෙවැනි කඩුල්ල ලෙස Mahedi Hasan ලක් වූයේ ඔහු එල්ල කළ පහර කෙලින් ම ඇඩම් සම්පා විසින් රැක ගැනීමත් සමගයි.

ත්‍රිත්ත්ව කඩුල්ල සම්පූර්ණ කරමින් කමින්ස්ගේ පන්දුවකට මීළඟට Towhid Hridoy ගොදුරු වූ අතර ඔහු පිටියෙන් ඉවත් වන විට පන්දු 28ක දී ලකුණු 40ක් ලබාගෙන සිටියා.

එමෙන්ම කමින්ස්ගේ ත්‍රිත්ත්ව කඩුල්ලේ පුරුකක් වූ මහමුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ත්‍රිත්ත්ව කඩුල්ලකට ගොදුරු වූ 06 වැනි අවස්ථාව ද මෙය ලෙසයි වාර්තා වන්නේ.

අද ලබාගත් කඩුලු ත්‍රිත්ත්වය පැට් කමින්ස් මෙවර ලෝක කුසලානයේ දී ලබාගත් පළමු කඩුලු ත්‍රිත්ත්වය ද වනවා.

එමෙන් ම ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටත්ම වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී ට පසුව පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානයක දි මෙම දස්කම දැක්වූ 07 වැනි පන්දු යවන්නා සහ දෙවැනි ඔස්ට්‍රේලියානුවා ද බවට කමින්ස් පත් වුණා.

මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටිනවා.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියා නායක මිචෙල් මාෂ් පළමු ව පන්දු යැවීම තෝරාගත්තේ බංග්ලාදේශයට පිතිකරණය පවරමින්.

ඒ අනුව බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 140ක් ලබාගත්තා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කමින්ස්ට අමතර ව ඇඩම් සම්පා කඩුලු 02ක් සහ ස්ටොයිනිස්, මාර්ෂ් සහ මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ නායක Najmul Hossain Shanto වන අතර ඔහු ලකුණු 41ක් ලබාගත්තා.

මේ වනවිට ජයග්‍රහණයට පන්දු 72ක දී තවත් ලකුණු 75ක් කැන්ගරුවන්ට අවශ්‍ය ව තිබෙනවා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ ඩේවිඩ් වෝර්නර් (34*) සමගින් නායක මිචෙල් මාර්ෂ්.

පළමු කඩුල්ල ලෙස ලකුණු 31ක් ලබා සිටි ට්‍රාවිස් හෙඩ් හොසේන්ගේ පන්දුවකට දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21