යල කන්නයට වී ගන්න බැංකු හරහා ණය යෝජනා ක්‍රමයක්

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායී පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ යටතේ මෙම වසරේ යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

එම සාකච්ඡාවේ දී එළඹ ඇති එකඟතාවන්ට අනුව මෙම යල කන්නයේ දී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් වෙත සහභාගීත්ව බැංකු ආයතන හරහා රුපියල් මිලියන 6000ක ඔඩපණ ණය සහනදායී පොලී අනුපාතයක් මත නිකුත් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පියවර ගැනීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිවූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37