පොසොන් වෙනුවෙන් අනුරපුර දැඩි සූදානමක – එන බැතිමතුන්ට ඉහළින් සැලකිලි (වීඩියෝ)

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මේ අතර, හෙටට යෙදෙ‍න පොසොන්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් පැමිණෙතැයි අපේක්ෂා කරන මිලියනකට අධික අති විශාල ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සුදානම් කර ඇතැයි අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා කියා සිටියා.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරන පොසොන් පොහොය සැමරීමට මේ වන විට රට පුරා පවතින්නේ දැඩි සූදානමක්.

මීට සමගාමීව අනුරාධපුරය ද පොසොන් පොහොය නිමිත්තෙන් තොරණ දන්සැල් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබෙනවා.

අනුරාධපුර මහ නගර සභාව පවසන්නේ ජාතික පොසොන් උත්සවයට සහභාගි වීම සඳහා හෙට (21) සහ අනිද්දා (22) දෙදින මිලියනයකට අධික ජනතාවක් අනුරාධපුරයට පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මිහින්තලය අනුරාධපුර අටමස්ථානය ඇතුළු පුදබිම් වැදපුදා ගැනීම සඳහා හෙට දිනයේ පැමිණෙන අති විශාල ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?