AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය රෝහිත අලුවිහාරේට

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කර තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ අලුවිහාරේ මහතා අද (20) දින සිට සිය ධුරයේ රාජකාරි කටයුතු සිදු කරනු ඇති බවයි.

අලුවිහාරේ මහතා පසුගිය වසරේ ජුනි මස 06 වැනි දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල්වරයා ලෙසින් ද යුද්ධ හමුදා මූලස්ථානයේ නව සහකාර ජෙනරාල්වරයා ලෙසට ද වැඩ කටයුතු ඇරඹූවා.

රෝහිත අලුවිහාරේ යනු මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරියෙක්.

මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ 1988 වසරේ යුද හමුදාවට බැඳුණු දා සිට රට පුරා මෙහෙයුම්, පරිපාලන සහ කාර්ය මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පත්වීම් රැසක් හොබවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?