රිදී – ලෝකඩ පදක්කම් දිනූ කඟවේන්නු දිවයිනට – ඔලිම්පික් බලාපොරොත්තුවකුත්? (ඡායාරූප)

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ඉන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ධාවන ශූර තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර අද (20) උදෑසන දිවයිනට පැමිණියා.

මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ “බිල්බාවෝ” නුවර දී ඉකුත් 18 වැනි දින පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 600 ධාවන ඉසව්ව සඳහා තරග කළ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාලයකින් තරගය නිමකර රිදී පදක්කම දිනා ගත්තා.

එය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සඳහා වාර්තා වී ඇති හොදම කාලය ලෙසයි වාර්තා පොත් අතරට එක්වන්නේ.

මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. 

ඔලිම්පික් තරග සහභාගී වීමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 53 වන ස්ථානය කරා පැමිණ තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් දෙපළ සහභාගී වන තරගාවලි දෙකක් එළඹෙන ජුනි 25-27 තෙක් ජාතික ශූරතා තරගාවලිය දියගම ක්‍රීඩාංගණයේදීත්, තවත් විශේෂ තේරීමේ තරගාවලියක් එළඹෙන 30 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලි දෙකටම මෙම ක්‍රීඩකයින් දෙපළ සහභාගී වීමට නියමිත අතර එහිදී ඔවුන් දක්වන දස්කම් මත තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 39 වැනි ස්ථානයටත්, කාලිංග කුමාර ද නිසැකවම ඔලිම්පික් පරිසාදන මට්ටමට යමින් ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට වරම් ලබා ගනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය බලාපොරොත්තු වනවා.

20240620 103340 scaled
20240620 103610 scaled
20240620 103711 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
13
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04