කෙහෙළියට තවත් නඩුවක් පැටවෙන ලකුණු

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ තමන්ගේ ධුර කාලය තුළ රජයෙන් ලබා දුන් නිල වාහන යළි අමාත්‍යාංශය වෙත භාර නොදීමේ චෝදනාව සම්බන්ධවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිවිල් පුරවැසියෙකු පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ අනුවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ.

අමාත්‍යවරයාගේ ධුර කාලයේ දී ඔහුට නිල රථ 02ක් ලබා දී ඇති බවත් ඒවා යළිත් භාර දී නොමැති බවත් එම පැමිණිල්ලේ සඳහන්.

2022 මැයි මස සිට සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන අවධියේ දී ම එම අමාත්‍යාංශය මගින් කෙහෙළිය රඹුක්වැල්ල හට ලබා දුන් මර්සිඩීස් බෙන්ස් කාර් රථය සහ ලෑන්ඩ්කෘෂර් වී-8 ජීප් රථය ද 2023 ඔක්තෝබර් 23 වැනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ද රැගෙන ගොස් භාවිත කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

සෙසු නිල රථ රජය වෙත ලබා දී තිබුණ ද බෙන්ස් කාර් රථය හෝ ලෑන්ඩ්කෘෂර් රථය ලබා දී නොමැති වීම හේතුවෙනුයි මෙම පැමිණිල්ල එල්ල වී ඇත්තේ.

කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත ව සිටින රඹුක්වැල්ල මහතාගේ මෙම නිල වාහන සම්බන්ධයෙන් වන සියලුම බේරුම් ඔහුගේ ලේකම්වරුන් මගින් යථා තත්ත්වයට පත් කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත 2024 මැයි මස 25 වැනි දින භාර දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ලිඛිත ව දැනුම් දී තිබෙනවා.

නමුත් මේ වනවිට ඉහත නිකුත් කර තිබූ නිල රථ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භාරයේ ඇති අතර ඒ නිල රථ අවභාවිතයක් සිදු ව ඇති දැයි යන්න පිළිබඳ ව තවදුරටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය පරීක්ෂණ මගින් අනාවරණය කරගැනීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48