SLFP වැඩ බලන සභාපති ඇමති සිරිපාල කැඳවූ රැස්වීමට උසාවියෙන් අවසරයක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (19) දින කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය නඩුව නැවත ජූලි මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ බලන සභාපති තනතුරක් නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් නම් කරමින් අද දින දහවල් 2.30 ට පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවමින් ලිපියක් නිකුත් කර ඇති බවත් එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

එබැවින් අදාළ රැස්වීම පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාලද සිල්වාට ඉදිරියේ දී මෙවැනි රැස්වීම් කැඳවීම වළක්වාලන තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වාට එම ධුරයේ කටයුතු කිරීමට බාධා සහ අවහිර නොකරන ලෙස දන්වා අධිකරණවලින් වාරණ නියෝග නිකුත් කර තිබෙන බව කියා සිටියා.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වාට පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව තිබෙන බව අධිකරණය විසින් ද පිළිගෙන ඇතැයි සඳහන් කළ නිතිඥවරයා නිමල් සිරිපාල ද සිල්වා වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් මේ දක්වා කිසිදු නඩුවක් ඉදිරිපත් වී නොමැති බවත් කියා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබූ වාරණ නියෝග නිකුත් නොකරන බවත් වගඋත්තරකරුවන්ට නොතිසි පමණක් නිකුත් කරන බවත් නියෝග කළා.

ඉන් අනතුරුව නඩුව ජූලි මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25