SLFP වැඩ බලන සභාපති ඇමති සිරිපාල කැඳවූ රැස්වීමට උසාවියෙන් අවසරයක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (19) දින කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය නඩුව නැවත ජූලි මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ බලන සභාපති තනතුරක් නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් නම් කරමින් අද දින දහවල් 2.30 ට පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවමින් ලිපියක් නිකුත් කර ඇති බවත් එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

එබැවින් අදාළ රැස්වීම පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාලද සිල්වාට ඉදිරියේ දී මෙවැනි රැස්වීම් කැඳවීම වළක්වාලන තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වාට එම ධුරයේ කටයුතු කිරීමට බාධා සහ අවහිර නොකරන ලෙස දන්වා අධිකරණවලින් වාරණ නියෝග නිකුත් කර තිබෙන බව කියා සිටියා.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වාට පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව තිබෙන බව අධිකරණය විසින් ද පිළිගෙන ඇතැයි සඳහන් කළ නිතිඥවරයා නිමල් සිරිපාල ද සිල්වා වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් මේ දක්වා කිසිදු නඩුවක් ඉදිරිපත් වී නොමැති බවත් කියා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබූ වාරණ නියෝග නිකුත් නොකරන බවත් වගඋත්තරකරුවන්ට නොතිසි පමණක් නිකුත් කරන බවත් නියෝග කළා.

ඉන් අනතුරුව නඩුව ජූලි මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?