නතාෂා සහ බෲනෝ නිදහස් !

බුද්ධාගම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහි නඩුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කෙරේ – වාර්තාකරු

ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර නිදහස් කර තිබෙනවා.

අද (19) දින මෙම තීන්දුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන්නා.

මොවුන් දෙදෙනාට එරෙහිව තිබූ චෝදනාව වූයේ බෞද්ධාගමට අපහාසාත්මක වන අයුරින් වෛරී ප්‍රකාශ ඉදිරිපත් කිරීමයි.

එය දැඩි ලෙස සමාජයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නට සමත් වූ අතර; ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව තිබූ නඩුවකිනුයි මෙම දෙපළ නිදහස් කර ඇත්තේ.