මහව – අනුරාධපුර දුම්රිය ව්‍යාපෘතියේ ඉදි කිරීම් ප්‍රමාදයි

මහව – අනුරාධපුර දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් එම කොන්ත්‍රාත් සමාගම එකඟ වූ පරිදි අදාළ දිනට නියමිත ව එම මාර්ගයේ වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා.

මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය ලෙස හඳුන්වන මෙහි සේවාදායකයා වන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවයි.

2019 නොවැම්බර් මස 29 වැනි දින මෙම දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කටයුතු ඇරඹුණු අතර සීමාසහිත ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම එහි කොන්ත්‍රාත්කරු වනවා.

ව්‍යාපෘතිය අවසන් කළ යුතු දිනය මෙම වසරේ ජුලි 06 වැනි දින වුව ද ප්‍රවාහන කටයුතු අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි අදාළ කොන්ත්‍රාත් සමාගම මෙහි වැඩ කටයුතු ජුනි මස 15 වැනි දින අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට එකඟ වුණා.

නමුත් මෙතෙක් එහි වැඩ කටයුතු අවසන් ව නැති බවයි වාර්තා වන්නේ.

මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් අනතුරුව කිලෝමීටර් 128ක දුරක් ඉන් ආවරණය වනවා.

අදියර 04කින් ඉදිකිරීම් කෙරෙන මෙම ව්‍යාපෘතියේ 1 වැනි අදියර අනුරාධපුර සිට වව්නියාව දක්වා කිලෝමීටර් 48ක් ද, කිලෝමීටර් 13ක් වව්නියාවේ සිට ඕමන්තේ දක්වා ද අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා කිලෝමීටර් 1.5ක් ද ඉදි කිරීමට නියමිතයි.

එහි දෙවැනි අදියර මහව සිට අනුරාධපුර දක්වා කිලෝමීටර් 65ක් දුරින් ඉදිවනු ඇති.

දෙවැනි අදියර ඉදිකර නිම වීමට මාස 06ක කාලයක් ගත වීම ගණනය කර තිබුණ ද එය මෙතෙක් අවසන් වී නැති බවයි වාර්තා වන්නේ.

මෙම දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 91.27ක මුදලක් වෙන් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 30,000ක් වනු ඇති.

කෙසේවෙතත් මෙම සිදුවීම හේතුවෙන් මෙවර පොසොන් කලාපයට පැමිණෙන මගීන්ට රජයෙන් ලබාදීමට තීරණය කර සිටි ඇතැම් ප්‍රවාහන පහසුකම් ද මගහැරී යන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32