Empty Ad
Empty Ad
 Empty Ad

එක්සත් ජනපදය වෙනුවට වියට්නාමය සහ මෙක්සිකෝව තෝරා ගත් චීනය

අමෙරිකාවේ බුද්ධි අංශ 2003 දී විදේශ ආයෝජන ප්‍රවෘත්ති සහ සමාගම් නිවේදන නිරීක්ෂණය කිරීම ආරම්භ කළ දා සිට, මෙක්සිකෝවේ සහ වියට්නාමයේ චීන නිෂ්පාදන සහ සැපයුම් ව්‍යාපෘතිවල සැලකිය යුතු නැගීමක් නිරීක්ෂණය කර තිබෙනවා.

එවැනි ව්‍යාපෘති සඳහා වඩාත් කැමති ගමනාන්තයන් ලෙස මෙම ජාතීන් දෙක දැන් එක්සත් ජනපදය අභිබවා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

පසුගිය වසරේ මාර්තු දක්වා තායිලන්තය, මැලේසියාව, හංගේරියාව සහ ඊජිප්තුව යන රටවල පෙර නොවූ විරූ ආකාරයේ චීන ව්‍යාපෘති ගලා ඒමක් ද දක්නට ලැබුණු අතර, එය චීන ආයෝජන රටාවේ වෙනසක් සනිටුහන් කිරීමක්.

මෙම වර්ධනයන් අවධාරණය කරන්නේ බටහිර බහුජාතික සමාගම් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් චීන කර්මාන්තශාලා මත දිගුකාලීන ව යැපීම අඩු කිරීමට සහ තීරණාත්මක නිෂ්පාදන සැපයීමේ දී චීනයේ බලපෑම සීමා කිරීමට උත්සාහ කරන උපාය මාර්ග වෙනස් කිරීමයි.

ඊට ප්‍රතිචාර වශයෙන්, චීන නිෂ්පාදකයින් වෙනත් රටවල ඔවුන්ගේ පැවැත්ම පුළුල් කරමින් සිටිනවා.

කැපී පෙනෙන උදාහරණයක් වන්නේ රජය සතු ෂැංහයි ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් හි දේශීය අනුබද්ධිත ආයතනය විසින් මෙක්සිකානු කම්හලක ඩොලර් බිලියන 2 ක් දක්වා සැලකිය යුතු ආයෝජනයක් නිවේදනය කිරීමයි.

ජනාධිපති ජෝ බයිඩන් මෑතක දී චීන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 18 ක් වටිනා නව තීරුබදු පැනවීමත් සමඟ කුඩා චීන නිෂ්පාදකයින් පවා දැන් විදේශයන්හි ව්‍යාප්ත කිරීම සඳහා ඔවුන්ගේ සීමිත අරමුදල් ආයෝජනය කිරීමට සලකා බලමින් සිටිනවා.

එක්සත් ජනපදය චීනය හැර වෙනත් රටවලින් ආනයනය වැඩි කරන විට, චීන ව්‍යාපාර ද එම රටවලට අපනයනය වැඩි කරනවා.

මෙක්සිකෝවට සහ තායිලන්තයට කරන ලද චීන අපනයනවල මුළු වටිනාකම 2017 සිට 2023 දක්වා ඩොලර් බිලියන 158.7 දක්වා දෙගුණයකටත් වඩා සැලකිය යුතු වර්ධනයක් අත්විඳ ඇති බව චීනයේ රේගු දත්ත හෙළි කරනවා.

මීට අමතර ව, චීනයේ රේගු පරිපාලනය වාර්තා කරන්නේ වියට්නාමයට චීන පරිගණක කොටස් අපනයනය තුන් ගුණයකින් වැඩි වී ඇති අතර එය 2017 සහ 2023 අතර ඩොලර් බිලියන 1.7 දක්වා වැඩි වූ බවයි.

බටහිර ජාතීන්ට ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ චීනය විසින් ඔවුන්ගේ බුද්ධිමය දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම, අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සහ මෙම භාණ්ඩ විකිණීමට ඇති නිර්භීතකම, එමගින් බටහිර ආර්ථිකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමයි.

චීනය සිය ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති විරහිත උපාය මාර්ග රාශියක් ඉදිරිපත් කර ඇති අතර එය බටහිර ජාතීන්ගේ කෝපයට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ හර්ෂ මාර ආතල් ටිකක් ගන්නේ
02:06
Video thumbnail
නියෝජය අමාත්‍යවරු දිවුරුම් දුන් හැටි.. එක පෙළට මෙන්න
10:41
Video thumbnail
තීරණාත්මක තරගාවලියට අපේ සිංහයින් දකුණු අප්‍රිකාවට
03:09
Video thumbnail
අපේ වචන බාවිතය ගැන ටිකක් හිතමු - මේ පුරුද්ද ඇතිකරගමු
04:18
Video thumbnail
LIVE🔴10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භය සජීවී විකාශය
46:36
Video thumbnail
Jetstar ශ්‍රී ලංකා ගුවන් ගැබ අක්‍රමණය කරයි - අඩුම මුදලකින් වැඩිම වින්දනයක්
01:09
Video thumbnail
දෙමළ පක්ෂත් ශ්‍රමදානයට අහුවෙලා - ආණ්ඩුවටත් යම් කාලයක් දෙන්න ඕනි
04:15
Video thumbnail
සැරයටියෙන් පාර්ලිමේන්තු ආපු මාලිමාවේ නවක මන්තී කළ දුක හිතෙන කතාව
02:14
Video thumbnail
රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි - පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් වෙයි
02:17
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46

?