විදුලි සංදේශ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ, අනුව මෙම සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවත් එම තීන්දුවේ සඳහන් බවයි කථානායකවරයා සඳහන් කළේ.

එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව මඟින් විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?