ජල නලය පිළිසකර කිරීමට වැයවන මුදල රියදුරුගෙන් අය කරගන්නවා – ජල සම්පාදන මණ්ඩලය (වීඩියෝ)

රිය අනතුරක් හේතුවෙන් ගොඩගම – හයිලෙවල් මාර්ගයේ පුපුරා ගිය ජල නලය පිළිසකර කිරීම සඳහා වැයවන මුදල අනතුර සිදුකළ පුද්ගලයාගෙන් අය කර ගන්නා බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

හෙට (18) අලුයම වනවිට බිඳ වැටුණු ජල සැපයුම පූර්ණ වශයෙන් යළි ලබා දීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී කුමුදු විජේගුණවර්ධන සඳහන් කළේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් නලයක් මෙලෙස පුපුරා ගොස් තිබුණේ අධික වේගයෙන් පැමිණ මෝටර් රථයක් එහි ගැටීම හේතුවෙන්.

ලබුගම – කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා නල ජලය ගෙනයන නලයට අනතුරින් දැඩි ලෙස හානි වී තිබෙනවා.

අනතුරත් සමග දුරකථන කණු 2 ක් ද කඩා වැටීමකට ලක් ව තිබුණා.

මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, කොට්ටාව පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ සහ මහරගම යන ප්‍රදේශවල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගත්තා.

අද (17) පෙරවරුවේ සිට ම මෙම නලයේ අලුත්වැඩියා කිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර එය පූර්ණ වශයෙන් අලුත්වැඩියා කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

එසේම අලුත්වැඩියා කිරීම් සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් මිලියන 12ත් 15 ත් අතර මුදල අනතුර සිදු කළ පුද්ගලයාගෙන් අය කර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ මෝටර් රථයේ පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
1
+1
3
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29