යුරෝපයේ චීන ආයෝජන පහළට

යුරෝපයේ සිදු කරන චීන ආයෝජන පසුගිය වසර 13ක කාලය තුළ අඩුම මට්ටමකට පසුගිය වසරේ දී පහත වැටී ඇතැයි ජර්මානු චින්තන පර්ෂදයක් වන MERICS කළ පර්යේෂණ වාර්තාවක් අනාවරණ කරනවා.

එම වාර්තාවට අනුව යුරෝපයේ සෘජු චීන ආයෝජන 2022 දී යුරෝ බිලියන 7.1 සිට පසුගිය වසරේ (2023) යුරෝ බිලියන 6.8 දක්වා පහත වැටුණු අතර එය 2010 වසරෙන් පසු වාර්තා වූ පහළම අගයයි.

යුරෝපයේ සහ ගෝලීය වශයෙන් දේශපාලන හා ආර්ථික සාධක මිශ්‍රණයකින් චීන ආයතනික ආයෝජකයින් පසුගිය වසරේ අභියෝග සහ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දුන් බව වාර්තාව පෙන්වා දෙනවා.

වාර්තාවට අනුව පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදය තුළ චීනයේ දුර්වල වර්ධනය බොහෝ චීන සමාගම්වල මූල්‍ය පදනම දුර්වල කර තිබෙනවා.

පහත වැටෙන චීන සෘජු විදේශ ආයෝජන පිළිබඳ අදහස් දක්වමින්, තායිවානයේ ජාතික විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන චෙං චෙන්ග්-පින් පවසන්නේ චීනයේ ආර්ථිකය ඉතා නරක තැනකට පත් වී ඇති බව මින් පැහැදිලි වන බවයි.

“2023 සිට චීනයේ ආර්ථිකය නරක අතට හැරෙමින් තිබේ. නිල දළ දේශීය නිෂ්පාදිතය [දළ දේශීය නිෂ්පාදිතයේ] වර්ධන වේගය සියයට 5 ක් පමණ වුව ද, සැබෑ තත්ත්වය ඉතා නරක ය. එහි අපනයන තත්ත්වය ද ඉතා නරක ය. එබැවින් එහි සමස්ත විදේශ ආයෝජන ද පහත වැටෙමින් තිබේ,” මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවා.

2021 සහ 2023 අතර කාලය තුළ යුරෝපයට කරන ලද සියලුම චීන ආයෝජනවලින් තුනෙන් දෙකක් ඉහළම චීන ආයෝජකයින් පස් දෙනෙකු විසින් තළ ආයෝජන බව MERICS වාර්තාව අනාවරණ කරනවා.

ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් (M&A) වටිනාකම යුරෝ බිලියන 1.5 දක්වා සියයට 58කින් පහත වැටී ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

MERICS, වාර්තාවට අනුව විදුලි වාහන ක්ෂේත්‍රයේ චීන ආයෝජන ඉහළ ප්‍රමුඛතාවක් හංගේරියාවට ලැබී ඇති අතර යුරෝපයේ සමස්ත චීන සෘජු විදේශ ආයෝජනවලින් සියයට 44ක් හංගේරියාවට ලැබී තිබෙනවා.

චීන සෘජු විදේශ ආයෝජනවලින් තුනෙන් දෙකකට (සියයට 69) 2023 දී විදුලි වාහන අංශයෙන් සිදු කර ඇති අතර එය 2022 දී සියයට 41 ට වඩා වැඩි බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51