දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඉන්දියාවේ දරුණු අනතුරක්

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ අද (17) පෙරවරුවේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් 60 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය රංගපානි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු ශීඝ්‍රගාමී දුම්රියේ අවසන් දුම්රිය මැදිරි 03 පීලි පැනීම හේතුවෙන් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම දුම්රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළකර අහි අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

එමෙන්ම මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 02ක මුදලක් සහ තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක වන්දි මුදලක් පිරිනැමීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59