කෝටි දෙකකට ආසන්න විදෙස් දුම්වැටි තොගයක් සමඟ තුනක් STF දැලේ

නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදෙස් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතකයේ තිබී සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි වාර්තා වන්නේ.

වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේ දී ඊයේ (16) සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඉතා සූක්ෂම ලෙස හොර රහසේ මෙරටට ගෙන්වා ඇති මෙම විදෙස් දුම්වැටි තොගය දිවයින පුරා බෙදාහැරීමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වූ ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා 32 – 45 අතර වයසේ පසුවන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14