AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි 08 වටයට යන බංගලි සිහිනය සැබෑවෙයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට බංග්ලාදේශය අද (17) සමත් වුණා.

ඒ, මූලික වටයේ ඔවුන් සහභාගී වූ අවසන් තරගයෙන් නේපාල කණ්ඩායම පරාජය කරමින්.

නේපාල කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශය මෙම තරගය ජයගත්තේ ලකුණු 21කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 106ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් නේපාලයට පන්දුවාර 19යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 85ක් පමණයි.

ඒ, අනුව මූලික වටයේ ‘D’ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සුපිරි 08 දෙනාගේ තරග වටයට පිවිසියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?