තායිලන්තයේ දුර්ලභ ගණයේ අලි උපතක්

මධ්‍යම තායිලන්තයේ ‘ආයුත්තයා එලිෆන්ට් පැලස්’ (Ayutthaya Elephant Palace)හි සිදු වූ දුර්ලභ ගණයේ නිවුන් අලි උපතක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම උපත සැබවින්ම ආශ්චර්යයක් හැටියටයි උද්‍යාන භාරකරුවන් විසින් විස්තරකර තිබෙන්නේ.

මෙම ආශ්චර්යමත් නිවුන් අලි පැටවුන් බිහිකළ 36 හැවිරිදි ආසියානු කෙනෙර නම් කර ඇත්තේ ‘චම්චුරි’ නමින්.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, 60kg ට වඩා වැඩි බරකින් යුක්ත පළමු පිරිමි පැටවා බිහිකිරීමෙන් අනතුරුව චම්චුරි තරමක් කලබලකාරී බවක් පෙන්නුම් කරමින් දෙවන පැටවා බිහිකර ඇති බව සඳහන්.

භාරකරුවන් ප්‍රකාශ කළේ දෙවන උපත 55kgක් පමණ බරැති ගැහැණු පැටවෙක් බවයි.

එම උපතේ දී මව විසින් පයින් ගැසීම වළක්වාගැනීමට ඇයව පාලනය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා.

එහිදී අලි මවට සහයට සිටි ඇත්ගොව්වෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

නමුත් වසර 15ක් තිස්සේ උද්‍යානයේ සේවය කරන එම ඇත්ගොව්වා පවසා තිබුණේ තුවාලයේ වේදනාවට වඩා දුර්ලභ නිවුන් අලි උපත තමාට සතුටට කාරණයක් වන බවයි.

මෙලෙස උපත ලබා ඇති ගැහැණු පැටවා තරමක් කුඩා වන අතර ඇයට මවගෙන් කිරි ලබාදීමට පුටුවක් මත තැබීමට සිදුවන බවත් සඳහන්.

‘සේව් ද එලිෆන්ට්’ නම් පර්යේෂණ සංවිධානයට අනුව නිවුන් අලි උපත් සියයට එකක් පමණක් වන අතර, එය පිරිමි – ගැහැණු වීම ඊටත් වඩා දුර්ලභ වීම විශේෂත්වයක්.

ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් වන තායිලන්තයේ අලි ඇතුන් පූජනීය ලෙස සලකනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59