චීනෙක් හොරෙන් තායිවානයට ඇවිත්

අධිවේගී බෝට්ටුවකින් තායිපේ වරායට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ චීන ජාතිකයෙක් තායිවාන වෙරළාරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු නාවික හමුදා කපිතාන්වරයෙකු වන ඔහු දිවයිනේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් පැමිණෙන්නට ඇතැයි තායි බලධාරීන් සැක පළ කරනවා.

වෙරළාරක්‍ෂකයින් ඉරිදා ටම්සුයි හි වෙරළබඩ ප්‍රදේශයේ දී ඔහුගේ බෝට්ටුව තායිපේ වෙත යන ගඟකට ඇතුළු වූ පසු අත්අඩංගුවට ගෙන තිබුණා.

චීනය, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන දූපත තමන්ගේ ම භූමියක් ලෙස සලකන අතර එය තායිපේ ප්‍රතික්ෂේප කරනවා.

වෙරළාරක්ෂක කටයුතු මෙහෙයවන තායිවානයේ සාගර කටයුතු කවුන්සිලයේ ප්‍රධානී ක්වාන් බි-ලින්ග් පාර්ලිමේන්තුවේ දී වාර්තාකරුවන්ට පැවසුවේ; පසුගිය වසරක පමණ කාලය තුළ එවැනිම සිද්ධීන් 18 ක් වාර්තා වී ඇති අතර, බොහෝ දුරට චීන වෙරළට යාබදව පිහිටා ඇති තායිවානය පාලනය කරන ලද දූපත් සම්බන්ධ බවයි.

චීනයේ තායිවාන කටයුතු කාර්යාලය හෝ එහි ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.

තායිවානයේ ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ ද පාර්ලිමේන්තුවේ දී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් කියා සිටියේ බෝට්ටු සිද්ධිය දිවයිනට එරෙහි චීනයේ “අළු කලාප” උපක්‍රම පිළිබඳ තවත් උදාහරණයක් විය හැකි බවයි.

තායිවානය මෑත වසරවල දී පැමිණිලි කර ඇත්තේ චීනය දිවයින පුරා පාවෙන නිරීක්ෂණ බැලූන් වැනි විවෘත සටන්වලට යොමු නොවී අවිධිමත් උපක්‍රම මගින් සතුරෙකු වෙහෙසට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති ඊනියා අළු කලාපීය යුද්ධයක් භාවිතා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43