මැතිවරණයක් පැවැත්වීම අපිට ප්‍රශ්නයක් නැහැ – IMF කියයි

ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි ඇගයීම සහ ‘ආටිකල් iv’ උපදේශනයට අදාළ ව එහි ජ්‍යේෂ්ඨ නියෝජිතයින් පිරිසක් පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට (14) පැවැත්වෙනවා.

IMF හි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.

පෙරේදා දිනයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය මුදල යටතේ ලබාදෙන තෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත වීමක් සිදු වුණා.

එය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 336ක්.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සවිමත් ආර්ථිකයක් කරා ගෙන යන නව වැඩපිළිවෙළ ද එහි දී ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වුණා.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී බෘෘවර් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් නොවන බවයි.

එය ඕනෑම රටක නිශ්චිත කාලසීමාවක දී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පැවැත්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අනුමත කරන බව හෙතෙම පෙන්වාදුන්නා.

නමුත් මැතිවරණයක් ශ්‍රී ලංකාවේ නුදුරේ දී පැවැත්වෙන්නේ නම්; අනිවාර්‍යෙයෙන් ම IMF වැඩසටහනේ කාල රාමුවට බලපාන හෙයින් අදාළ බලධාරීන් සමග එක් ව ඊට අවශ්‍ය කාල රාමුවක් සැකසිය යුතු බවයි බෘෘවර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32