මානසික ආබාධයකින් පෙළෙන දරුවාට පහර දුන් පොලිස් නිලධාරින්ට නොතීසි

කොවිඩ් වසංගතය පැවති සමයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධ සහිත ළමයෙකුට අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) අලුත්ගම පොලිසියේ නිලධාරින් තුන්දෙනෙකු වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.

පහර කෑමට ලක් වූ තැනැත්තාගේ පියා වූ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි බොහොමඩ් මවුසික් විසින් ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී ‍රීති පද්මන් සූරසේන එස්. තුරෙයිරාජා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම සිද්ධිය ඇති වූ අවස්ථාවේ දී අලුත්ගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස එම පොලිසියට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, පොලිස් සැරයන් ඩිලාන් ගුණතිලක සහ එන්. එච්. සේනාරත්න යන නිලධාරීන්ට ජනවාරි මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන්.

පෙත්සම්කරු කියා සිටින්නේ 2022 වසරේ මැයි මස 25 වන දා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේදී හදිසි කටයුත්තක් සඳහා මානසික ආබාධයෙන් පෙළෙන තම දරුවා ද බයිසිකලයක නංවාගෙන ගමන් කළ බවයි.

අලුත්ගම මුරපොළ අසල දී එම බයිසිකලය නවත්වන ලෙස කළ නියෝගය නොතකා ඉදිරියට ගමන් කළේ යැයි එහි සිටි පොලිස් නිලධාරීන් පහර දුන් බවත් පෙත්සම්කරු කියා සිටිනවා.

තම දරුවා මන්ද මානසික ආබාධයෙන් පෙලෙන පුද්ගලයෙකු බව පැවසුවත් ඒ ගැන නිලධාරින් සැලකිල්ලට භාජනය නොකළ බවත් පෙත්සමේ සඳහන්.

මේ තුළින් තමාගෙත් තම දරුවාගේත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14