දිවුරුම් දුන් ගමන් මෝදි ඉතාලියට

දින කිහිපයකට පෙර සිය තෙවැනි ධුර කාලයේ දිවුරුම් දුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉතාලියට පැමිණියා.

ඉතාලි අගමැති ජෝර්ජියා මලෝනිගේ ආරාධනයක් මත G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වනවා.

ඉතාලියේ පූලියා හි දී 50 වැනි G7 රාජ්‍ය නායක සමුළුව අද (14) පැවැත්වෙනවා.

සමුළුව අතරතුර අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලි අග්‍රාමාත්‍යවරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් විනේ ක්වත්‍රා පැවසුවා.

ඉතාලිය මෙම වසරේ G7 හි මුලසුන දරන අතර කැනඩාව, ප්‍රංශය, ජර්මනිය ජපානය එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන් ම යුරෝපා සංගමය ද ඇතුළත් වන ලෝකයේ දියුණු ආර්ථිකයන් හතක නායකයන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය දරනවා.

මෙය G7 සමුළුවට ඉන්දියාව සහභාගී වන එකොළොස් වැනි අවස්ථාව වන අතර අගමැති මෝදි සමුළුවට පිට පිටම සහභාගි වන පස්වැනි අවස්ථාව වනවා.

ඉතාලි සභාපතීත්වය යටතේ G7 සමුළුව, වත්මන් වසර සඳහා ප්‍රමුඛතා කිහිපයක් ප්‍රධාන වශයෙන් තෝරාගෙන තිබෙනවා.

ගෝලීය න්‍යාය පත්‍රය සඳහා එහි ප්‍රතිවිපාක සමග රුසියාව – යුක්රේනය සහ මැදපෙරදිග ගැටුම් ඊට ඇතුළත්.

දෙවනුව, අප්‍රිකාව සහ ඉන්දු – පැසිෆික් කලාපය කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධනය වෙමින් පවතින ජාතීන් සහ නැගී එන ආර්ථිකයන් සමග සබඳතා මෙන් ම තෙවනුව, සංක්‍රමණය, දේශගුණික බලශක්ති සම්බන්ධතා සහ ආහාර සුරක්ෂිතතාව සහ; අවසාන වශයෙන්, කෘත්‍රීම බුද්ධියයි.(AI)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02