මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින් ම අවහිර වෙයි (ඡායාරූප)

මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින් ම අවහිර වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (13) පෙරවරුවේ පානදුර දී දුම්රියක් පීලි පැනීම මීට හේතුව බවයි.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී යි මෙය සිදු වී ඇත්තේ.

පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ පීලි පැන තිබෙනවා.

දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී ඊට ද දැඩි අලාභ හානි සිදු ව ඇති බවත් වාර්තා වනවා.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බවයි දුම්රිය ප්‍රකාශකයෙක් පැවසුවේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට තාවකාලික නවතා ඇති හෙයින් මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජිණ දුම්රිය ද අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කිරීමට පියවර ගැනුණා.

WhatsApp Image 2024 06 13 at 10.37.07 1 1
WhatsApp Image 2024 06 13 at 10.37.04
WhatsApp Image 2024 06 13 at 10.37.06 1 2
WhatsApp Image 2024 06 13 at 10.37.06 1
WhatsApp Image 2024 06 13 at 10.37.05
WhatsApp Image 2024 06 13 at 10.37.04 1
WhatsApp Image 2024 06 13 at 10.21.50 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26