AFC Banner
Empty Ad
Empty Ad

මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින් ම අවහිර වෙයි (ඡායාරූප)

මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින් ම අවහිර වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (13) පෙරවරුවේ පානදුර දී දුම්රියක් පීලි පැනීම මීට හේතුව බවයි.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී යි මෙය සිදු වී ඇත්තේ.

පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ පීලි පැන තිබෙනවා.

දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී ඊට ද දැඩි අලාභ හානි සිදු ව ඇති බවත් වාර්තා වනවා.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බවයි දුම්රිය ප්‍රකාශකයෙක් පැවසුවේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට තාවකාලික නවතා ඇති හෙයින් මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජිණ දුම්රිය ද අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කිරීමට පියවර ගැනුණා.

WhatsApp Image 2024 06 13 at 10.37.07 1 1
WhatsApp Image 2024 06 13 at 10.37.04
WhatsApp Image 2024 06 13 at 10.37.06 1 2
WhatsApp Image 2024 06 13 at 10.37.06 1
WhatsApp Image 2024 06 13 at 10.37.05
WhatsApp Image 2024 06 13 at 10.37.04 1
WhatsApp Image 2024 06 13 at 10.21.50 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
9
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?