පෙම් පලහිලව්වකට 14 හැවිරිදි දැරියක් පැහැරගෙන – සැකකරුවන් සිව්දෙනෙකු රිමාන්ඩ්

වයස අවුරුදු 14ක් වන පාසල් දැරියක් පැහැරගෙන ගොස් භූගත කුටියක සඟවා තබා සිටියදී පොලිසිය විසින් ඇය ව බේරාගෙන තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ බුත්තල ප්‍රදේශයෙන්.

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි ව සිටි මෙම දැරිය පැහැරගෙන ඇත්තේ පසුගිය 09 වැනි දින යි.

රාත්‍රියේ දී නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු දැරියගේ පියාට තියුණු ආයුධයකින් පහර දී ඔහුගෙන් දැරියව පැහැරගෙන ගොස් තිබෙනවා.

බුත්තල පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව හෙළි ව ඇත්තේ මෙම දැරිවියට ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවත්, ඇයගේ පෙම්වතා යැයි සැලකෙන 20 හැවිරිදි තරුණයෙකු විසින් මෙම අපරාධය සිදු කරනු ලැබ ඇති බවයි.

මේ වනවිට සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් හෙළි ව ඇත්තේ පැහැර ගැනීමට ලක් වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමග තමන් මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවත්, එය බිඳී ගියේ පැන යාමට යෝජනා කළ විට ඇය නොපැමිණි නිසා බවයි.

ඉන් අනතුරුව තමන් බාල නැගණිය වන පැහැර ගැනීමට ලක් වූ දැරිවිය සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බව ද පාපොච්චාරණය කර තිබෙනවා.

මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසටයි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් දී ඇත්තේ.

පැහැර ගැනීමට ලක් වූ දැරිය මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?