පෙම් පලහිලව්වකට 14 හැවිරිදි දැරියක් පැහැරගෙන – සැකකරුවන් සිව්දෙනෙකු රිමාන්ඩ්

වයස අවුරුදු 14ක් වන පාසල් දැරියක් පැහැරගෙන ගොස් භූගත කුටියක සඟවා තබා සිටියදී පොලිසිය විසින් ඇය ව බේරාගෙන තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ බුත්තල ප්‍රදේශයෙන්.

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි ව සිටි මෙම දැරිය පැහැරගෙන ඇත්තේ පසුගිය 09 වැනි දින යි.

රාත්‍රියේ දී නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු දැරියගේ පියාට තියුණු ආයුධයකින් පහර දී ඔහුගෙන් දැරියව පැහැරගෙන ගොස් තිබෙනවා.

බුත්තල පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුව හෙළි ව ඇත්තේ මෙම දැරිවියට ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවත්, ඇයගේ පෙම්වතා යැයි සැලකෙන 20 හැවිරිදි තරුණයෙකු විසින් මෙම අපරාධය සිදු කරනු ලැබ ඇති බවයි.

මේ වනවිට සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් හෙළි ව ඇත්තේ පැහැර ගැනීමට ලක් වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමග තමන් මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවත්, එය බිඳී ගියේ පැන යාමට යෝජනා කළ විට ඇය නොපැමිණි නිසා බවයි.

ඉන් අනතුරුව තමන් බාල නැගණිය වන පැහැර ගැනීමට ලක් වූ දැරිවිය සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බව ද පාපොච්චාරණය කර තිබෙනවා.

මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසටයි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් දී ඇත්තේ.

පැහැර ගැනීමට ලක් වූ දැරිය මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18