බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න්ට වසර 25ක සිර දඬුවමක් ?

2018 වසරේ දී, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි නොකර, ගිනි අවියක් මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාළ ව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න්ව අධිකරණය මගින් ඊයේ (11) වරදකරු බවට තීන්දු කළා.

සතියක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු ජූරි සභාව තම පුත්‍රයා සම්බන්ධයෙන් ගත් තීරණයට ගරු කරන බවයි නිවේදනයක් නිතුක් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ.

හන්ටර් බයිඩ්න්ට හිමි දඬුවම මෙතෙක් ප්‍රකාශයට පත් ව නැති අතර සාපරාධී ක්‍රියා තුනකට ම ඔහු වරදකරු වීම හේතුවෙන් ඔහුට උපරිම වශයෙන් වසර 25ක සිර දඬුවම් නියම කිරීමට වුව ද හැකියාව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හන්ටර් බයිඩ්න්ට එරෙහි මෙම නඩු විභාගය ඇමරිකානු ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයකුගේ දරුවෙකුට එරෙහි පළමු අපරාධ නඩු විභාගය ලෙස සටහන් වෙනවා.

සිය පුත්‍රයා හෙරොයින් භාවිතයට ඇබ්බැහි ව සිටි බව ජෝ බයිඩ්න් පිළිගෙන ඇති අතර ඔහු ඒ ඇබ්බැහියෙන් ගැලවී යළි යථා තත්ත්වයට පත් වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

නීතිමය ක්‍රියාවලිය තුළ සිය පුත්‍රයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව පවසන ජනාධිපතිවරයා, ඒ් ඔස්සේ ඉදිරියට යනු මිස ඔහුට සමාව ගැනීමට මැදිහත් නොවන බව ද පවසා තිබෙනවා.

ජනාධිපති බයිඩ්න් ඩෙලවෙයාර් අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා පැමිණ නොතිබූ අතර, ජනාධිපති ආර්යාව ජිල් බයිඩ්න් ඇතුළු පවුලේ සාමාජිකයින් හන්ටර් සමග දිනපතා අධිකරණයට පැමිණි බවයි එරට මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
1
+1
5
+1
6
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?