බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න්ට වසර 25ක සිර දඬුවමක් ?

2018 වසරේ දී, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි නොකර, ගිනි අවියක් මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාළ ව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න්ව අධිකරණය මගින් ඊයේ (11) වරදකරු බවට තීන්දු කළා.

සතියක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු ජූරි සභාව තම පුත්‍රයා සම්බන්ධයෙන් ගත් තීරණයට ගරු කරන බවයි නිවේදනයක් නිතුක් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ.

හන්ටර් බයිඩ්න්ට හිමි දඬුවම මෙතෙක් ප්‍රකාශයට පත් ව නැති අතර සාපරාධී ක්‍රියා තුනකට ම ඔහු වරදකරු වීම හේතුවෙන් ඔහුට උපරිම වශයෙන් වසර 25ක සිර දඬුවම් නියම කිරීමට වුව ද හැකියාව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හන්ටර් බයිඩ්න්ට එරෙහි මෙම නඩු විභාගය ඇමරිකානු ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයකුගේ දරුවෙකුට එරෙහි පළමු අපරාධ නඩු විභාගය ලෙස සටහන් වෙනවා.

සිය පුත්‍රයා හෙරොයින් භාවිතයට ඇබ්බැහි ව සිටි බව ජෝ බයිඩ්න් පිළිගෙන ඇති අතර ඔහු ඒ ඇබ්බැහියෙන් ගැලවී යළි යථා තත්ත්වයට පත් වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

නීතිමය ක්‍රියාවලිය තුළ සිය පුත්‍රයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව පවසන ජනාධිපතිවරයා, ඒ් ඔස්සේ ඉදිරියට යනු මිස ඔහුට සමාව ගැනීමට මැදිහත් නොවන බව ද පවසා තිබෙනවා.

ජනාධිපති බයිඩ්න් ඩෙලවෙයාර් අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා පැමිණ නොතිබූ අතර, ජනාධිපති ආර්යාව ජිල් බයිඩ්න් ඇතුළු පවුලේ සාමාජිකයින් හන්ටර් සමග දිනපතා අධිකරණයට පැමිණි බවයි එරට මාධ්‍ය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25