ලෝක පරිසර දිනයට සමගාමී ව කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක් (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ, ජුනි මස 05 වන දිනට යෙදුණ ලෝක පරිසර දිනයට සමගාමී ව මීගමුව වෛක්කාල කලපු ප්‍රදේශයේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වුවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව, DFCC බැංකුව හා එක්ව මෙම වැඩසටහන පසුගියදා (07) පැවැත්වූ බවයි.

වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය හා තිරසාරත්වය රැකදීම වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය ඇතුළු පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර දායකත්වය දක්වනවා.

ස්වාභාවික හේතූන් මත කලපු, ගංගා, මෝය සහ ඉවුරු ආශ්‍රිත වෙරළ පරිසරය ඛාදනය වැළැක්වීම, ඉහළ කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණ හැකියාව තුළින් වාතාශ්‍රය පිරිසිදු වීම හා දිගුකාලීන ගෝලීය උණුසුම පාලනය, මත්ස්‍යයන් හට ස්වාභාවික අභිජනන පරිසරයක් නිර්මාණය කිරීම වැනි ඉහළ පාරිසරික වටිනාකමක් ඇති මෙම කඩොලාන පරිසර පද්ධතිය අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා නාවික හමුදාව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය, DFCC බැංකුව හා එක්ව මීගමුව වෛක්කාල කලපු ප්‍රදේශයේ දී මෙම කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහන යටතේ කඩොලාන පැල 400ක් රෝපණය කිරීම සිදු කෙරුණා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් තරංග ජයසූරිය, DFCC බැංකුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26