logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඇමති විජේදාසට එරෙහි ව පනවා ඇති වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික මෙන් ම අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?