මන්ත්‍රී පාඨලී ගංවතුර ඇතිවීම වැළැක්වීමට නිරීක්ෂණ චාරිකාවක

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුලු පිරිසක් ගංවතුර සහ ජල පොම්පාගාර නිරීක්ෂණයක අද (10) යෙදී තිබෙනවා.

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත්තේ; අඹතලේ වැසි ජල පොම්පාගාරය, කොටුවිල, කළු පාලම අසල පිහිටා ඇති ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීමේ පොම්පාගාරය සහ නාගලගම් වීදිය ජල පොම්පාගාරය යන ස්ථානවල අදාළ නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමටයි.

සිදු කරන ලද නිරීක්ෂණ මගින් සාකච්ඡාවට ගැනුණු කරුණු වූයේ, ගංවතුර ප්‍රශ්නය විග්‍රහ කර ගැනීම, විසඳීම හා ගංවතුර හා පිටාර තත්ත්ව ඇති විය හැකි ආකාර පිළිබඳ ව අවධානය යොමු කිරීම බවත් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, මධුර විතානගේ යන පිරිස මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක් වුණා.