AFC Banner
Empty Ad
Empty Ad

දිරාගිය ගසක් පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රියක් මතට පතබෑවෙයි

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මතට විශාල ගසක් කඩා වැටී අනතුරක් සිදු වුණා.

ඒ අද (10) පෙරවරු 06ට පමණ මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේ දී යි.

වෑන් රථය පාසල් ළමුන් සහ ගුරුවරුන් රැගෙන එම ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබියදී දිරාගිය විශාල ගසක් මාර්ගයේ දෙපස තිබූ විදුලි රැහැන් කණු සහ දූරකථන කණු ද ගලවාගෙන ඇද වැටී තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කර ඇත්තේ මොළයට සහ කොඳු ඇට පෙළට හානි සිදුවීම හේතුවෙන්.

අනතුරින් වෑන් රථයෙහි ගමන් කළ පාසල් දරුවන්ට සහ ගුරුවරුන් කිහිපදෙනෙකු හට තුවාල සිදු ව ඇතත්, ඒවා බරපතළ තත්ත්වයේ පසුනොවන බවයි මහනුවර රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

කෙන්ගල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අදාළ අනතුර සම්බන්ධයෙන් සඳහන් කළේ මෙම ගස සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද, ඊට නිසි විසඳුමක් නොලැබුණු හෙයින් මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරට පත් වෑන් රිය මේ වනවිට (10) තෙල්දෙණිය පොලිස් භාරය යටතේ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?