දිරාගිය ගසක් පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රියක් මතට පතබෑවෙයි

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මතට විශාල ගසක් කඩා වැටී අනතුරක් සිදු වුණා.

ඒ අද (10) පෙරවරු 06ට පමණ මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේ දී යි.

වෑන් රථය පාසල් ළමුන් සහ ගුරුවරුන් රැගෙන එම ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබියදී දිරාගිය විශාල ගසක් මාර්ගයේ දෙපස තිබූ විදුලි රැහැන් කණු සහ දූරකථන කණු ද ගලවාගෙන ඇද වැටී තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කර ඇත්තේ මොළයට සහ කොඳු ඇට පෙළට හානි සිදුවීම හේතුවෙන්.

අනතුරින් වෑන් රථයෙහි ගමන් කළ පාසල් දරුවන්ට සහ ගුරුවරුන් කිහිපදෙනෙකු හට තුවාල සිදු ව ඇතත්, ඒවා බරපතළ තත්ත්වයේ පසුනොවන බවයි මහනුවර රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

කෙන්ගල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අදාළ අනතුර සම්බන්ධයෙන් සඳහන් කළේ මෙම ගස සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද, ඊට නිසි විසඳුමක් නොලැබුණු හෙයින් මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරට පත් වෑන් රිය මේ වනවිට (10) තෙල්දෙණිය පොලිස් භාරය යටතේ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14