logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ජෙරොම්ට එරෙහි ව දැමූ පෙත්සමක් ගැන අධිකරණයෙන් නියමයක්

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන දේවගැති ජෙරෝම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 22 වන ද යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කළ සර්ව ආගමික නායකයින් අතරින් තුන්දෙනෙකු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවට දැනුම් දී ඇතැයි පැවසුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශනවල සියලු වාර්තා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මීට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ සලකා බලා ඇති නිසා එය අගවිනිසුරුවරයාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීම සුදුසු බව නිගමනය කෙරුණා.

ඒ අනුව අදාළ පෙත්සම ජූලි මස 22 වන දා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31
Video thumbnail
කොළඹ මහාධිකරණයෙන් කෙහෙළියට ලැබුණු නියෝගය
01:38
Video thumbnail
නිකවැරටියේ මාලිමාවේ ගොවි රැළිය
02:08
Video thumbnail
රෝහිත අබේගුණවර්ධන හෙට කරන්න යන අමුතු වැඩේ - "මම උඩුගම් බලා පීනපු කෙනෙක්"
10:09
Video thumbnail
සජිත්ගේ ස්මාර්ට් ගමන් මාර්ගය මෙන්න
01:49
Video thumbnail
TIN අංකයක් ඔබටත් තියනවාද?
01:35
Video thumbnail
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මහ බැංකු අධිපති කියන කතා
04:27
Video thumbnail
වෘත්තීය සමිතිවලින් ජනපතිට රතු එළියක්...#president #ranilwickremesinghe
06:10

?