AFC Banner
Empty Ad
Empty Ad

පස් පොඩ්ඩාගේ ඝාතකයා ගුවන්තොටේ දී අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ “පස් පොඩ්ඩා” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්දන්ගුවට ගෙන තිබෙනවා.

අපරාධය සෝදි කිරීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයටපළාගොස් සඟවා සිටි මෙම අපරාධකරු අද (10) උදෑසන යළි දිවයිනට පැමිණීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මීගමුව, කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති සැකකරු ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද මෙම සැකකරුට පනවා තිබූ අතර,ගුවන් තොටුපොළ පොලිසිය මඟින් සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ගම්පහ පොලිසිය වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන “පස් පොඩ්ඩා” ඉකුත් 2022 වසරේ ජූලි මසයේ දිනක වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?