බැතිමතුන්ගේ රන් භාණ්ඩ කොල්ල කෑ කතක් අල්ලයි

යාපනය කන්නාඩි කාලි කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යයට පැමිණ සිටි බැතිමතුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම සිදුවීම ඊයේ (09) දිනයේ දී සිදු ව ඇති බවයි.

අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් මත බවත් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව – පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.

පොලිසිය සිදු කරන ලද විමර්ශනවල දී සැකකාරිය විසින් සොරාගනු ලැබූ රන් තැල්ලක්, මාලයක්, අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ දිනවල උතුරු පළාතේ කෝවිල්වල වාර්ෂික දේව මංගල්‍යයන් පැවැත්වෙන අතර, ඇතැම් පිරිස් කල්ලි වශයෙන් සංවිධානාත්මක ව පැමිණ මෙලෙස රන් භාණ්ඩ සොරා ගන්නා බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?