බැතිමතුන්ගේ රන් භාණ්ඩ කොල්ල කෑ කතක් අල්ලයි

යාපනය කන්නාඩි කාලි කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යයට පැමිණ සිටි බැතිමතුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම සිදුවීම ඊයේ (09) දිනයේ දී සිදු ව ඇති බවයි.

අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් මත බවත් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව – පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.

පොලිසිය සිදු කරන ලද විමර්ශනවල දී සැකකාරිය විසින් සොරාගනු ලැබූ රන් තැල්ලක්, මාලයක්, අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ දිනවල උතුරු පළාතේ කෝවිල්වල වාර්ෂික දේව මංගල්‍යයන් පැවැත්වෙන අතර, ඇතැම් පිරිස් කල්ලි වශයෙන් සංවිධානාත්මක ව පැමිණ මෙලෙස රන් භාණ්ඩ සොරා ගන්නා බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46